මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව පවත්වාගෙන යාමට රජයේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපතිවරයා කියාසිටී
2022-05-29 17:26:13
Share with:

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව පවත්වාගෙන යාමට රජයේ පූර්ණ සහාය හිමිවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කියාසිටී. පවතින මූල්‍ය අර්බුදය කෙටි කලක් තුළ පාලනයටත්,  එම තත්ත්වය යහපත් අතට හැරවීමටත් මහබැංකු අධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක්විය.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ එහි මූල්‍ය මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන් සමග ඊයේ (28) පැවති හමුවකදී  ජනාධිපතිවරයා මේ බව පැවසීය. කොළඹ ජනාධිපති මන්දිරයේදී එම හමුව පැවැත්විණ.

ආර්ථික ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි මහබැංකු අධිපතිවරයා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම