ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත ජනාධිපතිවරයාගේ අවධානයට
2022-05-28 17:31:10
Share with:

කෙටුම්පත් කොට අවසන්කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් අතර ඊයේ (27) පැවති හමුවකදී  මේ බව ප්‍රකාශ කෙරිණ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ, ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියන් බිහිකිරීම බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පාසලෙන් පිටවන දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට පුළුල් ප්‍රවේශයන් සැකසීම නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රමුඛ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා මෙහිදී පැවසීය.

සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීම, අධ්‍යාපන  පහසුකම් වැඩිදියුණු කිරීම හා විභාග පැවැත්වීම ආශ්‍රිත ගැටළු කළමනාකරණය යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම