ශ්‍රී ලාංකික ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්‍යතාව ඇමරිකානු තානාපතිවරිය පෙන්වාදෙයි
2022-05-28 17:35:36
Share with:

දේශපාලන ස්ථාවරත්වය ඇති කර, ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව,  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසයි.

ඇය මේ බව කියාසිටියේ,  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) හමුවූ අවස්ථාවේදීය.

මෙරට ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ  සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද තානාපතිවරිය මෙහිදී අවධාරණය කළාය. ශ්‍රී ලංකා - ඇමරිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය මගින් දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවද ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම