ඉන්දියානු ආර්ථික වර්ධන වේග අපේක්ෂාව යළි පහළට
2022-05-27 14:10:57
Share with:

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වන Moody’s ආයතනය වසරේ ඉන්දියානු ආර්ථික වර්ධන වේග අපේක්ෂාව යළිත් වරක් අඩු කරයි. ඒ අනුව, පෙර පැවති 9.1% ක වර්ධන අගය  8.8%ක් දක්වා පහත දමා ඇත.

Moody’s ආයතනය ඊයේ(26) වාර්තාවක් මගින් නිවේදනය කළේ, බොර තෙල්, ආහාර හා පොහොර මිල ඉහළ යාම, ඉදිරි මාස කිහිපයේ ඉන්දියානු පවුල්වල මූල්‍ය තත්ත්වයන්ට හා වියදම්වලට දැඩි පීඩා එල්ල කරනු ඇති බවයි. උද්ධමනය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා ගත් පොළී අනුපාත වැඩි කිරීමේ පියවර, භාණ්ඩ ඉල්ලුම ඉහළ යාමේ ප්‍රවණතාව ද අවම කරනු ඇත.

Moody’s ආයතනය පසුගිය මාර්තු මාසයේ නිකුත් කළ ආර්ථික ඉලක්ක වාර්තාවෙන් ද, 2022 වසරේ ඉන්දියානු ආර්ථික වර්ධන වේග අපේක්ෂාව පහත දමා තිබිණ. ඒ, 9.5% සිට 9.1%ක් දක්වා ය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම