පුනර්ජනනීය බලශක්ති උත්පාදනය නැංවීමට සහාය වන්නැයි ජනපති එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි
2022-05-27 15:02:27
Share with:

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් ලබාගැනීම සඳහා සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. 

සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය යි. මේ වනවිටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී. එමගින් විදුලි අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා කියාසිටී.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට ඊයේ (26) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 300කට අධික මුදලක් ඉතිරි කරගත හැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම