ටෙක්සාස් හි පාසලේ වෙඩිතැබීම් සිද්ධියේදී පොලීසිය තම වගකීම ඉටුනොකළ බව සාක්ෂිකරුවෝ පවසති
2022-05-27 20:06:59
Share with:

ටෙක්සාස් හි පාසලේ වෙඩිතැබීම ආරම්භ වනවිටම එහි ඇතුළු වන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටි බව එම අවස්ථාවේ එහි රැස්වූ පිරිස පවසති. එහෙත් පොලීසිය ඒ අවස්ථාවේ පාසලට ඇතුළු වී නැත. සිද්ධිය දුටු පිරිස මේ බව පවසා ඇත්තේ, 25 වැනිදා පැවති සාක්ෂි විභාගයේ දීය. 

එහිදී තුවක්කුකරුවෙකුගේ ප්‍රහාරයට ලක් වූ දරුවන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ ලොවම කම්පා කරමිනි.

මිනිත්තු 40 කට වැඩි කාලයක් පුරා පැවති සමූල ඝාතනය පිළිබඳ කරුණු අනාවරණයට අපරාධ පරීක්ෂකයින් කටයුතු කළ අතර, 18 හැවිරිදි ඝාතකයා පොලීසිය විසින් මරා දමන ලදී.

 ප්‍රහාරය ආරම්භ වූ විගසම අසල සිටි කාන්තාවන් “එතනට යන්න!  එතනට යන්න!” යනුවෙන් පොලිස් නිලධාරීන්ට කෑ ගැසූ බව සිද්ධිය ඇසින් දුටු 24 හැවිරිදි ජුවාන් කරන්සා පැවසීය. එහෙත්  පොලිස් නිලධාරීන් පාසල තුළට නොගිය බව ඔහු ප්‍රකාශ කර ඇත.

 ප්‍රහාරයෙන් මියගිය, සිව් වැනි ශ්‍රේණියේ දියණියක වූ  ජැක්ලින් කසාරස්ගේ පියා පවසා තිබුණේ, වෙඩි තැබීම ගැන දැනගත් විට ඔහු පාසලට දිව ගිය බවත්, පොලීසිය ගොඩනැගිල්ලෙන් පිටත රැස්ව සිටි බවත් ය.

 පොලීසිය  පාසල තුළට නොයාම පිළිබඳ කලබල වූ ඔහු තවත්  කිහිප දෙනෙකු සමඟ පාසලට ඇතුළු වීමට උත්සාහ දරා තිබේ.   "පොලීසිය  කිසිවක් නොකරන නිසා අපි ඉක්මන් වෙමු," යනුවෙන් ඔහු පැවසීය.   “මීට වඩා යමක් කළ හැකිව තිබුණා. ඔවුන් ඊට සූදානමින් සිටියේ නැහැ” ඔහු තවදුරටත් විස්තර කර තිබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම