පැසිෆික් දූපත් රටවල් සමඟ සබඳතා වර්ධනයේදී " සිව් වැදෑරුම් මූලධර්ම" අනුගමනය කරන බව චීනය කියයි
2022-05-27 10:27:32
Share with:

පැසිෆික් දූපත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමේදී චීනය අඛණ්ඩව " සිව් වැදෑරුම් මූලධර්මය" අනුගමනය කරන බව චීනය  අවධාරණය කරයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා ඊයේ(26) සොලමන් දූපත් හොනයිරා නුවරදී එරට විදේශ ඇමති Jeremiah Manele මහතා සමඟ මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

වං යී මහතා එහිදී තම දකුණු පැසිෆික් සංචාරයේ අරමුණ හඳුන්වා දී තිබේ.

පැසිෆික් දූපත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමේදී චීනය අඛණ්ඩව එකිනෙකා සමාන සැලකීම, අන්‍යෝන්‍ය ගරුකිරීම, සහයෝගිතා හා පොදු ජයග්‍රහණ මෙන්ම විවෘතභාවය හා අභ්‍යන්තරීකරණය ස්ථීරව අනුගමනය කරනු ඇතැයි වං යී මහතා පෙන්වා දුන්නේය.

සොලමන් දූපත් රාජ්‍යය අනෙකුත් රටවල් සමඟ ගොඩනඟා ගෙන ඇති විවිධ සබඳතාවලට ගරු කරන චීනය, විවෘත ආකල්පයකින් යුතුව කලාපය තුළ සහ ඉන් පිටත අනෙකුත් රටවල් සමඟ වඩාත් සවිමත්  ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම