කොවිඩ් වැළඳුණු අයට පෙනහලුවල රුධිරය කැටි ගැසීමේ අවදානම ඉහළ බව හෙළිවේ
2022-05-27 17:47:16
Share with:

සාමාන්‍ය පුද්ගලයින්ට සාපේක්ෂව කොරොනා වෛරසය ආසාදිත වූවන්ට පෙනහලු තුළ රුධිරය කැටි ගැසීමේ අවදානම දෙගුණයක් වන බව අධ්‍යයනයකින් හෙළිවෙයි.  එසේම, ඔවුන්ට ශ්වසන රෝග වැළඳීමේ අවදානම ද දෙගුණයකින් වැඩි බව සනාථ වී තිබේ.

ඇමරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවූයේ, වයස අවුරුදු 18-64 අතර වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු සහ අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් රෝගය හා බැඳුණු අයහපත් සෞඛ්‍යමය තත්ත්වයන්ගෙන් පීඩා විඳින බවයි.

 නිදන්ගත කැස්ස, ශ්වසන රෝග මෙන්ම පෙනහලුවල රුධිර කැටිගැසීම් මේ අතර වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම