චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන උපදේශක කටයුතු පිළිබඳ රෙගුලාසි සමාලෝචනය කෙරේ
2022-05-27 17:36:21
Share with:

‘චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන උපදේශක කටයුතු පිළිබඳ රෙගුලාසි’ සමාලෝචනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස්වීමක් පවත්වයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අද(27) බෙයිජිං හිදී පැවැත්විණ.

ෂී ජින්පිං මහතාගේ නවයුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයේ මඟපෙන්වීම අනුව, එක්සත් පෙරමුණේ වැඩකටයුතු හා මහජන දේශපාලන උපදේශක කටයුතු ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.

එමෙන්ම රටේ සමස්තය කේන්ද්‍ර කරගෙන මූලික හා ප්‍රධාන ප්‍රශ්න  සම්බන්ධයෙන් එක හා සමාන අවබෝධයකින් සිටිය යුතුය. සියලු බලවේග චීන කොමියුනිස්ට් පක්ෂය වෙත ඒකරාශි වී සමගිය තහවුරු කළ යුතු ය. පූර්ණ වශයෙන් සමාජවාදී නවීකරණ රටක් ගොඩනගා, චීන ජාතික පුනර්ජීවනය ඉටුකිරීම සඳහා ශක්ති සම්පන්න සමගි බලයක් බිහි කළ යුතු බව එහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම