බොරතෙල් ගොඩබෑම අද(27) ඇරඹේ
2022-05-27 15:09:20
Share with:

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොරතෙල් නැවේ,  තෙල් තොග ගොඩබෑම අද (27) ආරම්භ කරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ සඳහා ගෙවීම් කර ඇතැයි, එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කියාසිටී.

බොරතෙල් ගොඩබෑමත් සමග, මේ වනවිට නවතා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ද යළි ආරම්භ කළ හැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව දින 6 කින් ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කළ හැකිවනු ඇත.

එසේම, මේ වනවිට පෙට්‍රල් හා ඩීසල් අඛණ්ඩව පිරවුම්හල් වෙත‍ බෙදාහැරීමට පියවර ගෙන  ඇතැයි ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම