දවස් 10 ක් තුළ ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් දෙකක්.. මේ ඛේදවාචක කවදා නිමා වේද?
2022-05-27 17:48:11
Share with:

දවස් 10 ක් තුළ ඇමරිකාවේ සමූහ වෙඩි තැබීම් දෙකක් සිදු වී ඇතැයි The Guardian වෙබ් අඩවිය වාර්තා කරයි. 

පසුගිය 24 වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක කුඩා ළමුන් 18 දෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකුගේ මරණ හේතුවෙන්, තුවක්කු ප්‍රචණ්ඩත්වය විසඳීමට ඇමරිකානු බලධාරීන් දිගුකලක් තිස්සේ අසමත් වීම පිළිබඳව මහජනතාව කෝපයට පත්ව සිටිති.

එම ටෙක්සාස් ප්‍රාථමික පාසලක වෙඩි තැබීම සිදු වූයේ නිව්යෝර්ක් නුවර බෆලෝ හි සිදුවීම්වලින් දින 10 කට පසුවය. බෆලෝ හි සිල්ලර බඩු සාප්පු සවාරියේ නිරත ව සිටි 10 දෙනෙක් සුපිරි වෙළඳසැලකදී වෙඩි තබා ඝාතනය කරන ලදහ. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අප්‍රිකානු ඇමරිකානුවෝ වෙති.

එම මහා පරිමාණ තුවක්කු ඛේදවාචක දෙක සිදු වූයේ සැන්ඩි හූක් ප්‍රාථමික පාසලේ සමූල ඝාතනයේ 10 වැනි සංවත්සරයට මාස කිහිපයකට පෙරය. 2012 දෙසැම්බර් මස සැන්ඩි හූක් ප්‍රාථමික පාසලේ සිදු වූ එම ප්‍රහාරයෙන් වයස අවුරුදු හයක සහ හතක ළමුන් 20 දෙනෙකුගේ මෙන්ම පාසල් සේවකයන් 6 දෙනෙකුගේ ද ජීවිත අහිමි විය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම