ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්
2022-05-27 17:43:43
Share with:

මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.  චෙන්නායි හි සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක උත්සවයකට සහභාගි වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ දුෂ්කර කාලයක් පසුකරමින් සිටින ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවයි. බොහෝ ඉන්දීය සංවිධාන සහ පුද්ගලයන් මෙරටට ආධාර එවා ඇති බව පවසන අගමැතිවරයා, ශ්‍රී ලංකාවට ආර්ථික සහය ලබා දීම සඳහා  ජාත්‍යන්තර වේදිකාවල ඉන්දියාව හඬ නැගූ බවද පැවසීය.

එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වයට සහ ආර්ථික ප්‍රකෘතියට අඛණ්ඩව සහාය වන බව ද නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම