ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කළ බව චීනය පවසයි
2022-05-27 20:29:29
Share with:

චීනය කෙරෙහි ඇමරිකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව කළ විග්‍රහයේදී එරට රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කළ බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ අද(27) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය.

‘චීන තර්ජනය’ යන අදහස  උද්දීපනය කරමින්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් චීනයේ දෙස් විදෙස් ප්‍රතිපත්ති අපකීර්තියට ලක් කළ එම දේශනයේ අරමුණ වන්නේ, චීනයේ සංවර්ධනය මර්දනය කර ඇමරිකාවේ ආධිපත්‍යය තහවුරු කිරීම බව ඔහු පෙන්වා දෙයි.

අතීත, වර්තමාන, අනාගත යන ත්‍රෛකාලයේම , චීනය ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙසට අනිවාර්යයෙන් කටයුතු කරන බව වං වෙන්බින් මහතා කීය.

ඇමරිකාව ගොනු කළ ‘ඉන්දු පැසිෆික් උපායමාර්ගය’ චීනය මර්දනය කිරීම සඳහා කලාපීය රටවල් ද උසිගැන්වීමේ වෑයමකි. සතුරුකම් අවුළුවාලීම සඳහා කඳවුරුගත වීමේ එම ක්‍රියාව අසාර්ථක වනු ඒකාන්තය.

චීනයේ තායිවාන ප්‍රදේශය, ෂින්ජියං උයිගුර් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා ටිබෙට් ස්වායත්තය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරයන් වං වෙන්බින් මහතා යළි අවධාරණය කර ඇත. ඇමරිකාව ජගත් සබඳතාව පිළිබඳ මූලික උපමාන අනුගමනය කරමින්, ඉහත කී ප්‍රශ්න ඔස්සේ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම හා ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත කිරීම නතර කළ යුතු බව ද ඔහු අවධාරණය  කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම