තම රටට ජාත්‍යන්තර වෙළඳපොළේ ධාන්‍ය තොග රැස්කර ගැනීම අවශ්‍ය නොවන බව චීනය කියයි
2022-05-27 19:37:21
Share with:

තම රටට ජාත්‍යන්තර වෙළඳපොළේ ධාන්‍ය තොග රැස්කර ගැනීම අවශ්‍ය නොවන බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(27) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, චීනය ජාත්‍යන්තර වෙළඳපොළේ ධාන්‍ය තොග අනිසි ලෙස ගබඩා කර තබා ගන්නා බවට ඇතැම් බටහිර රටවල් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. දේශීය ශක්තියෙන් තම ජනතාවගේ ආහාර සැපයීම සඳහා චීනයට පූර්ණ හැකියාවක් මෙන්ම ඒ පිළිබඳ විශ්වාසයක් ද පවතී. එමනිසා ජාත්‍යන්තර වෙළඳපොළේ ධාන්‍ය තොග රැස්කර ගැනීම චීනයට අවශ්‍ය නොවන බව හෙතෙම පැහැදිලි කර ඇත.

නව කොරොනා වසංගතය මතුවීමෙන් පසු එක්සත් ජාතීත්ගේ සංවිධානය ඇතුළු ජගත් සංවිධානවල ඉල්ලීම් අනුව, චීනය ඇතැම් රටවල්වලට හදිසි ආහාර සහනාධාර ලබා දුන් බවත්, ලෝක ධාන්‍ය නිෂ්පාදනය හා සැපයීමේ ස්ථාවරත්වය සඳහා චීනය සක්‍රියව කටයුතු කළ බවත් වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම