චීන වර්ධනය දරාගත නොහැකි රටවල් චීනයට එරෙහිව ක්‍රියා කිරීමට උත්සාහ දරන බව ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පවසයි
2022-05-26 09:56:50
Share with:

චීනය ආර්ථිකමය වශයෙන් පසුගිය වසර 20 තුළ විශාල වෙනසක් ඇතිකර ගැනීමට සමත්ව ඇතැයි ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය පවසයි. ලෝක බලවතා වීමට නම් ආර්ථිකමය වශයෙන් පමණක් නොව, සම්බන්ධතා තහවුරු කර ගැනීම සිදු කළ යුතු අතර ආක්ලප ද ගොඩනගා ගත යුතුය. සෑම රටක්ම දේශපාලනයට අමතරව සංස්කෘතික අනන්‍යතාවන් පවත්වාගෙන යමින් චීනය සමග ගනුදෙනු කරයි. චීනය තමන්ගේ ආර්ථික සම්බන්ධතා පවත්වාගෙන යාමේදී අනෙකුත් රටවල දේශපාලනික තත්වයන් කෙරෙහි කිසිදු අතපෙවීමක් සිදු නොකරයි.

ලෝකයේ සියලු රටවල් තමන්ගේ රටවල් දියුණු කර ගැනීමට වෙහෙසෙයි. ඊට සෙසු රටවලින් සහයෝගය ලබා ගැනීම අවශ්‍යය. චීනය ලෝකය සමග ගනුදෙනු කරයි. චීනයෙන් උගතයුතු දේ බොහෝය. මෙම සහයෝගය දරාගත නොහැකි රටවල් චීනයට විරුද්ධව කටයුතු කිරීමටත්, සාවද්‍ය මත ගොඩනැගීමටත් කටයුතු කරන බව පෙනී යයි. එය සාධාරණ නැතැයි ද ඇය කියා සිටී.

චීනය බලසම්පන්න රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වනුයේ මනා අවබෝධයක් ඇතිවය. සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමේ දී දේශපාලන මතිමතාන්තර, වෙළඳ ගනුදෙනු පිළිබඳවද සලකා ඒ ඒ රටවලට ගැලපෙන ආකාරයට සහයෝගය ලබාදෙයි. චීනය තම ගනුදෙනු ඉන්දියාව හා ඇමරිකාව වැනි රටවල් සමගද සිදු කරනුයේ අවබෝධයකින් යුතුවය. එක් පැත්තකින් පමණක් සලකා, මෙම ගනුදෙනු නිර්වචනය කිරීම යෝග්‍ය නොවන බව ඇය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම