අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගනී
2022-05-26 18:24:51
Share with:

ඉකුත් 09වැනිදා ගාලුමුවදොර පිටියේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ ( 25) ප්‍රකාශයක් ලබාගෙන ඇත. හිටපු ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගෙන්ද මේවනවිට දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ අතරින් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර ඇතිවු ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 1800 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ලැබී ඇති පැමිණිලි ගණන 854කි. ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 70 දෙනෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම