චීනය හා පැසිෆික් දූපත් රටවල් අතර සබඳතා සංවර්ධනය අදාළ පාර්ශ්ව වෛෂයිකව සැලකිය යුතු බව චීනය පවසයි
2022-05-26 18:30:38
Share with:

පැසිෆික් දූපත් රටවල් සමඟ මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා සංවර්ධනය කිරීම චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ දිගුකාලීන උපායමාර්ගික ප්‍රතිපත්තියක් බව චීනය පවසයි‍.

චීනය හා පැසිෆික් දූපත් රටවල් අතර සහයෝගිතා සම්බන්ධයෙන් ඇමරිකාව නැවතත් පදනම් විරහිතව චෝදනා කිරීම පිළිබඳව අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක  Wang Wenbin මහතා අද (26) මේ බව පැවසීය. එම සම්බන්ධතා සංවර්ධනය කිරීමේදී සහයෝගිතා හා විවෘත මූලධර්ම අනුගමනය කෙරෙන අතර, එය අන් පාර්ශ්වයන්ට තර්ජන කිරීමක් නොවේ. එහෙයින් අන් පාර්ශ්වයන්ට එම සම්බන්ධතාවලට බාධා කිරීමට අයිතියක් නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය. අදාළ පාර්ශ්ව එම සම්බන්ධතා වෛෂයිකව සලකමින්, එක්ව කලාපීය සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව Wang Wenbin මහතා කියා සිටියේය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම