නේටෝවට අවශ්‍ය වන්නේ සමස්ත ලෝකයම අවුල් ජාලයක් බවට පත්වීම ද?
2022-05-26 18:54:16
Share with:

 


 මෑතකදී නේටෝ සංවිධානයේ මහලේකම්වරයා අඛණ්ඩව චීනය කෙරේ අහේතුකව  චෝදනා නගමින්, චීනයේ දේශපාලන ක්‍රමය හා දෙස් විදෙස් ප්‍රතිපත්ති හිතාමතාම විවේචනය කරමින් ‘චීන තර්ජනය’ පිළිබඳ අදහසක් උද්දීපනය කර ඇත. චීනය මේ පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(26) ප්‍රකාශ කර ඇත.

හමුදාමය පිරිවැය දළදේශීය නිෂ්පාදිත වටිනාකමෙන් සියයට 2කට අඩු නොවන අගයකට ඉහළ නංවන ලෙස නේටෝ සංවිධානය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇත. ඒ අතරම එම සංවිධානය විසින් චීනයේ සාමාන්‍ය ජාතික ආරක්ෂක නවීකරණ සංවර්ධනය කෙරේ දොස් නගා තිබේ. එය පැහැදිලිව දෙබිඩි පිළිවෙතක්  අනුගමනය කිරීමකි. සාමකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කරන චීනය ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. චීනයේ ජාතික ආරක්ෂක පිරිවැය, දළදේශීය නිෂ්පාදිත වටිනාකමෙන් සියයට 1.3ක පමණ අගයක් ගනී. එය ලෝකයේ සාමාන්‍ය මට්ටමට බොහෝ දුරට අඩු අගයකි.

නේටෝ සංවිධානය යුරෝපයේ අවුල්සහගත තත්ත්වයක් ඇති කර, මේ වනවිට ආසියාව හා සමස්ත ලෝකයම එවැනි තත්ත්වයකට ඇද දැමීමට තැත් කරමින් සිටින බව පැහැදිලි යැයි ද වං වෙන්බින් මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම