නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව ලෝක බැංකුව කියයි
2022-05-26 17:36:33
Share with:

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව, ලෝක බැංකුව පවසයි.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් කඩිනමින් සකස් කළ යුතු බව, ලෝක බැංකුව පවසා තිබේ. ශ්‍රී ලංකාවට ලෝක බැංකු සහය හිමිවීම සම්බන්ධයෙන් ඉකුත්දා පළවූ මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින්, එම බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

 නව ණය හෝ ණය සහන ලෝක බැංකුවෙන් හිමිවන බවට පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද එහි සඳහන් ය.

නව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකසන තෙක්, අලුතෙන් මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට ලබාදීමක් සිදු නොවන බව, ලෝක බැංකුව අවධාරණය කර ඇත.  එතෙක් සිදුවන්නේ දැනට අනුමතව ඇති වෙනත් ලෝක බැංකු ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා රජයට දිළිඳු ආධාර, පාසල් දරුවන්ට ආහාර, කුඩා පරිමාණ ව්‍යාපාර හා ගොවි ආධාර  ආදිය ලබාදීම පමණක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම