ඇමරිකාවේ කොවිඩ් රෝග ව්‍යාප්තිය දැක්වෙන වර්ණ-කේතගත සිතියමේ සැබෑ පැහැය රතු ද? කොළ ද?
2022-05-26 17:14:12
Share with:

ඇමරිකාවේ කොවිඩ් රෝගය පැතිරීම පෙන්නුම් කෙරෙන වර්ණ-කේතගත සිතියමක් අනුව, මැයි 19 වැනිදා වනවිට එහි පවතින්නේ අඩු රෝග ව්‍යාප්තියකි.  එනම්, පහළ සම්ප්‍රේෂණ මට්ටම සංකේතවත් කරමින්, සිතියමේ බහුතර ප්‍රදේශය ළා කොළ පැහැයෙන් ආවරණය වී තිබේ.

එහෙත්, මැයි 19 වන විට රෝගය බෝ වීමේ ශීඝ්‍රතාව දක්වන තවත් සිතියමක මීට සපුරා පරස්පර තත්ත්වයක් සටහන්ව ඇත. එහි රෝගයේ ඉහළ සම්ප්‍රේෂණය සංකේතවත් කරමින් රටේ වැඩි කොටසක් රතු පැහැයෙන් වැසී තිබෙන බව Fortune වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 සැබැවින්ම COVID රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇමරිකාවේ පවතින යථාර්ථය කුමක්ද ? එය සිත සනසන තත්ත්වයක පවතින්නේද, නැතහොත් භයානක තත්ත්වයක පවතින්නේ ද? 

ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහචාර්ය,  CNN හි වෛද්‍ය විශ්ලේෂක  ජොනතන් රෙයිනර්  මහතා කොළ පැහැති  සිතියම දක්වමින් පසුගිය සතියේ පවසා තිබුණේ,  ඇමරිකාවේ සැබැවින්ම COVID වසංගතයේ ඉහළ ව්‍යාප්තියකට මුහුණ පා සිටින බවයි. 

"නමුත් මේ සිතියම අනුව කිසිදු ගැටලුවක් නැහැ, සියල්ලම කොළ පාටයි." යනුවෙන් ඔහු සෝපහාසීව පවසා තිබේ.


 

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම