2022 චීන ජාත්‍යන්තර මහා දත්ත පිළිබඳ කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ
2022-05-26 16:08:21
Share with:

2022 චීන ජාත්‍යන්තර මහා දත්ත පිළිබඳ කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ.

“නව ඩිජිටල් ආර්ථීක අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් දත්ත වටිනාකම් භුක්ති විඳීම” යන්න තේමා කරගත්, 2022 වසරේ චීන ජාත්‍යන්තර මහා දත්ත කර්මාන්ත ප්‍රදර්ශනය චීනයේ Guizhou පළාතේ Guiyang නගරයේ දී අද (26) ආරම්භ කෙරිණ.

ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවයට එක්වූ  චීන කර්මාන්ත හා තොරතුරු අමාත්‍ය Xiao Yaqing මහතා ප්‍රකාශ කළේ, මහා දත්ත භාවිතය අන්තර්ජාලය , මූල්‍ය, සන්නිවේදනය යන ක්ෂේත්‍රවල සිට බුද්ධිමය නිෂ්පාදන, ඩිජිටල් සමාජය හා ඩිජිටල් රජය යන ක්ෂේත්‍ර දක්වා පුළුල් කර ඇති බවයි. එමගින් චීනයේ දත්ත සම්පත් විශාල වශයෙන් වැඩි වී ඒවා භාවිත කිරීමේ නව පරිසර , නව ක්‍රියාමාර්ග හා නව කර්මාන්ත බිහි කර ඇතැයි ද හෙතෙම පැවසීය.

මහා දත්ත තේමාවෙන් ලොව පැවැත්වෙන ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය මෙයයි. මෙවර 7 වැනි වරට  පැවැත්වෙන ප්‍රදර්ශනය, මේ වසරේ මාර්ගගතව පැවැත්වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම