ඉරානයේ සාධාරණ සැලකිල්ලට ඇමරිකාව ධනාත්මකව ප්‍රතිචාර දැක්විය යුතු බව චීනය පවසයි‍
2022-05-26 17:39:13
Share with:

ඉරානයේ සාධාරණ සැලකිල්ලට ඇමරිකාව ධනාත්මකව ප්‍රතිචාර දැක්විය යුතු බව චීනය පවසයි‍. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙහි ඇමරිකාව අශුභවාදී ආකල්පයකින් පසුවෙයි. එකඟතාවකට පැමිණිය නොහැකි වුවහොත්, ඇමරිකාව ඉරානයට එරෙහි සම්බාධක ශක්තිමත් කරන අතරම, ඊශ්‍රායලය ඇතුළු කලාපීය හවුල්කරුවන් සමඟ ඉරානයේ ඉදිරි පියවරට මුහුණ දීමට සූදනමින් සිටින බව, ඇමරිකාව ඊයේ (25) පැවසීය.

ඉරාන න්‍යෂ්ටික අර්බුදයේ ආරම්භකයා වන ඇමරිකාව වහාම දේශපාලනමය තීරණයකට එළඹ,  ඉරානයේ සාධාරණ සැලකිල්ලට ධනාත්මකව ප්‍රතිචාර දක්වමින් සාකච්ඡා ප්‍රවර්ධනය කළ යුතු බව ද, Wang Wenbin මහතා පැවසීය.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම