චීනයේ දූරදර්ශී ආර්ථික පිළිවෙත් ලෝකයට ආදර්ශයක්
2022-05-26 20:47:32
Share with:

චීනයේ දූරදර්ශී ආර්ථික පිළිවෙත් ලෝකයට ආදර්ශයක් බව දේශපාලන උපදේශිකා ශිරාණි පෙරේරා මහත්මිය පවසයි. චීනය අනුගමනය කරන තුලනාත්මක ආනයන අපනයන ආර්ථික ක්‍රමවේදය විවෘත ආර්ථික රටාවක කදිම තේරීමක් බවද ඇය කියා සිටී. එය ගෙවුම් ශේෂ අර්බුදයන් වළක්වා ගැනීමට ඉතා වැදගත්ය. විශාල වෙළඳ හා ආයෝජන ශක්තියකින් යුත් චීනය සමග ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමෙන් විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථික වාසි රැසක් අත්කර ගත හැකි යැයි ද ශිරාණි පෙරේරා මහත්මිය පෙන්වා දෙයි. අන්ත දිළිඳුභාවය තුරන් කිරීමේ දී චීනය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් සාර්ථක ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත්ව තිබේ. ගෝලීය විවිධ අභියෝග මධ්‍යයේ ලොව දිළිඳු ජනගහනය වැඩිවනු ඇති බවට පළව ඇති අනතුරු ඇඟවීම් මධ්‍යයේ දිළිඳු බව තුරන් කිරීමේ කෙටි කාලීන, මැදි කාලීන හා දිගු කාලීන චීන අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් යැයි ද ශිරාණි පෙරේරා මහත්මිය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම