වසර තුනක් තුළ ඇමරිකාවේ සමස්ත COVID 19 මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි
2022-05-26 16:56:24
Share with:

කොරොනා වසංගතය ආරම්භ වී ගතවූ වසර තුනකට අඩු කාලය තුළ ඇමරිකාවේ සිදුව ඇති COVID 19  මරණ සංඛ්‍යාව  මිලියනය ඉක්මවයි.

පසුගිය 23 වැනිදා ඇමරිකාවේ COVID-19 මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියේය. එය සිතාගත නොහැකි තරම් ඉහළ අගයක් වන අතරම, එයින් ආදරණීයයන් සහ මිතුරන් විශාල ප්‍රමාණයක් අහිමි වූ ජනතාවගේ ශෝකය හා දුක ද පිළිබිඹු වේ.

එම මරණ සංඛ්‍යාව, දින 336ක් පුරා සැමදාම 9/11 ප්‍රහාරයක් සිදු වීමෙන් ඇති වූ සමස්ත මරණ සංඛ්‍යාව හා සමානය. එය දළ වශයෙන් සිවිල් යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේදී මියගිය සමස්ත ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව හා සමාන වේ.එම සංඛ්‍යාව  Boston හා  Pittsburgh යන නගර දෙකේ සමස්ත ජනගහණයම ඉවත් කිරීමක් වැනිය. 

මහපොළොවට මිනිසුන් මිලියනයක් අහිමි වීම සිතාගත නොහැකි අගයක් බව පවසන ඇමරිකාවේ Brown විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පීඨයේ නව වසංගත මධ්‍යස්ථානයේ ප්‍රධානි Jennifer Nuzzo මහත්මිය පෙන්වා දෙන්නේ, ‘එම තත්ත්වය තවමත් සිදුවෙමින් පවතින අතර, අප  එසේ සිදුවීමට ඉඩහරිමින් ද සිටින’ බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම