ශ්‍රී ලංකාවට ජගත් සංවිධානයේ අඛණ්ඩ සහාය
2022-05-25 18:16:46
Share with:

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ද පූර්ණ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහතික වෙයි. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හමීඩ් මහත්මිය, අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ දී ඊයේ(24) හමුවූ අවස්ථාවේ ඒ බව ප්‍රකාශ කළාය.

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳ ගැටළු, ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය ආශ්‍රිත කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග පැවැත්වෙන සාකච්ඡා මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ද අමාත්‍යවරයා  පැහැදිලි කළේය.

අත්‍යවශ්‍ය සැපයුම්, විරැකියාව හා මන්දපෝෂණය වැනි අර්බුද සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට හිමිවන බව ද හමීඩ් මහත්මිය මෙහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම