ටෙක්සාස් ප්‍රාන්තයේ ඛේදවාචකයට ගොදුරුවූවන් කෙරෙහි චීනයේ ශෝකය පළ වේ
2022-05-25 19:47:50
Share with:

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක ඊයේ(24) සිදු වූ වෙඩි තැබීමෙන් අවම වශයෙන් දරුවන් 19ක් ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ. ඇමරිකාවේ යළි යළිත් සිදුවන එබඳු වෙඩි තැබීමේ සිද්ධිවලින් ඇතිවූ මරණ හා තුවාල ලැබූවන් කෙරෙහි චීනය කණගාටුව පළ කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(25) ප්‍රකාශ කළේය. සිද්ධියෙන් මරණයට පත්වූවන්ගේ ඥාතීන්ට ශෝකය පළකරන අතරම,  තුවාල වූවන්  වෙත කණගාටුව පළකරන  බව ද ඔහු පැවසීය.

  ඇමරිකාව සිය ජනතාවගේ මානව හිමිකම් ප්‍රායෝගිකව සිතට ගනිමින්, ලෝකය වෙත තම රටේ මානව හිමිකම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. තම රට වෙඩි තැබීමේ ප්‍රචණ්ඩකාරී සිද්ධි වැඩියෙන්ම සිදුවූ රට බවට පත්වෙමින්, දරුවන් හා යෞවනයන් එම සිද්ධිවලින් මිය යාමේ අනුපාතය, සෙසු ඉහළ ආදායම්ලාභී රටවල් 31 සමස්ත අනුපාතයට වඩා 15 ගුණයකින් වැඩි වීමට හේතුව කුමක් දැයි ඇමරිකාව ස්වයං විවේචනාත්මකව කල්පනා කළ යුතු බව ද වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම