යල කන්නයට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම කඩිනමින්
2022-05-25 18:15:24
Share with:

යල කන්නය සඳහා අවශ්‍ය ඉන්ධන කඩිනමින් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කෙරේ. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

යල කන්නය මේ වන විට ආරම්භ වී ඇතත්,  සෑම ප්‍රදේශයකම ගොවීහු සී සෑම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. ඒ අනුව සමස්ත දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ආවරණය වන පරිදි තෝරාගත් ඉන්ධනහල් 217කින්  ගොවීන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කෙරෙනු ඇත.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව,  වගාවන් සඳහා අවශ්‍ය අතිරේක ඉන්ධන පවා ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ද එකඟතාව පළ කර තිබේ.  

මෙවර යල කන්නය අසාර්ථක වුවහොත් ඊළඟ මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී හිඟයක් ඇති වීමේ අවදානමක් ද පවතී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම