දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය ආර්ථිකයට විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු විය හැකි යැයි ජාත්යටන්තර මූල්යැ අරමුදලේ අධ්ය ක්ෂ ජනරාල්වරිය පවසයි
2022-05-24 10:24:39
Share with:

   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජීවා මහත්මිය එම සංවිධානයේ නිල වෙබ් අඩවියේ ලිපියක් පළ කරමින් අනතුරු ඇඟවූයේ, කොරොනා වසංගතය, රුසියානු යුක්රේන ගැටුම, තීව්‍ර වූ මූල්‍ය වෙළඳපල අස්ථාවරත්වය සහ දේශගුණික විපර්යාස යනාදී අඛණ්ඩ තර්ජනයන් යටතේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය ආර්ථිකයට විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

ගෝලීය ආර්ථිකය ව්‍යසන මාලාවකට මුහුණ දී සිටින මෙම මොහොතේ, ගෝලීය භූ ආර්ථික බෙදීමේ වත්මන් තත්ත්වයට නතුවී ලෝකය දරිද්‍රතාවය ඇතුළු විවිධ අන්තරායන් හී අද්දරට තල්ලු කරන්නේද , නැතහොත් ‍ සහයෝගයෙන් කටයුතු කර , වෙළඳ හුවමාරු ශක්තිමත් කරමින්, සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ගැටලු සහ දේශගුණික විපර්යාසයට එරෙහිව ක්‍රියා කිරීමට ආධාර කරන්නේ ද යන්න ලෝකයා තෝරා  ගත යුතුව ඇතැයි ද එම ලිපිය පෙන්වා දෙයි .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම