චීන-ශාන්තිකර දූපත් විදේශ අමාත්‍යවරුන්ගේ දෙවැනි සමුළුව චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්
2022-05-24 18:41:05
Share with:

චීන- ශාන්තිකර දූපත් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ දෙවැනි සමුළුව චීන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. විශේෂ ඇරයුමකට අනුව, එළඹෙන 26 වනදා සිට ජුනි 4 වනදා දක්වා චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා Solomon දූපත්, Kiribati , Samoa සහ  Fiji ඇතුළු රටවල් 8ක නිල සංචාරයක නිරත වනු ඇත.  

එමෙන්ම  Micronesia හි මාර්ගගතව සංචාරය කරමින් Cook දූපත් අගමැති ,විදේශ ඇමතිවරයා මෙන්ම Niue රාජ්‍යයේ අගමැති හා විදේශ ඇමතිවරයා සමඟ වීඩියෝ ආකාරයෙන් හමුවීම් පැවැත්වීමට ද නියමිතය. එම සංචාරය අතරතුර Fiji හිදී වං යී මහතාගේ ප්‍රධානත්වයෙන්  චීන-ශාන්තිකර දූපත් විදේශ අමාත්‍යවරුන්ගේ දෙවැනි සමුළුව පැවැත්වෙන බව, වං වෙන්බින් මහතා පැවසීය. විදේශ ඇමතිවරුන්ගේ සමුළුවක් ශාන්තිකර දූපත් රාජ්‍යයක පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

චීනය හා ශාන්තිකර දූපත් රටවල් අතර සබඳතා, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා, ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතා යන කරුණු  සමුළුවේදී ගැඹුරින් සාකච්ඡා කෙරෙනු ඇතැයි ද, වං වෙන්බින් මහතා ප්‍රකාශ ක‍ළේය. චීනය සහ ශාන්තිකර දූපත් රටවල් අතර පවතින සමගිය හා සහයෝගීතාව තහවුරු කිරීමට හා සබඳතා වර්ධනය කිරීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම