කොතරම් උත්සාහ කළ ද, ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධනයට බාධා කිරීමට ඇමරිකාව අපොහොසත් වනු ඇත
2022-05-24 10:44:27
Share with:

ජපානයේ සංචාරයක නිරත වූ ඇමරිකානු නායකයා ඊනියා“ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව ”ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදහස් දැක්වීය. සැපයුම් දාමයෙන් චීනය "විසංයෝජනය" වෙනුවෙන් ඔවුන් පෙනී සිටින අතර, ඇමරිකානු වෙළඳපොළට ප්‍රවේශය මත තීරුබදු අඩු කිරීමක් හැර, එම රාමුවේ බහුතර අන්තර්ගතයන් අපැහැදිලි ය.

ඊනියා "ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුවේ" අන්තර්ගතය සම්බන්ධයෙන් ඇමරිකාව අපැහැදිලිව සඳහන් කළේ ඇයි? එය ආසියානු රටවල් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳාමක් සඳහා කැමති නැති නිසාය. තම ආර්ථික ආධිපත්‍යය ශක්තිමත් කරන්නේ කෙසේද, චීනය පාලනය කරන්නේ කෙසේද යන්න ඇමරිකාවේ නිරන්තර සිතුවිලි ය.

ඇමරිකාව කොතරම් උත්සාහ කළ ද, ආසියා පැසිෆික් කලාපයේ සංවර්ධනයට බාධා කිරීමට ඔවුන් අපොහොසත් වනු ඇත. ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකය ලෙස චීනය මෙම කලාපයේ බොහෝ රටවල විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්ව සිටී. බිලියන 1.4 ක ජනගහනයක් සහිත චීනයේ සුපිරි වෙළඳපොළ කලාපීය රටවලට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇත. ඇමරිකාවට එය කළ හැකිද?

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම