ඉන්ධන මිල යළි ඉහළට
2022-05-24 16:44:03
Share with:

අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල හා සෙසු සාධක සලකා බලා ඉන්ධන මිල ඉහළ දැමූ බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 420 කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 400 කි.

මෙම ඉහළ දැමීමට අනුපාතිකව පොදු ප්‍රවාහන ඇතුළු සෙසු අත්‍යවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සඳහා ද අනුමැතිය හිමිවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම