ඇමරිකා-ජපාන නායක හමුවට එරෙහිව ජපානයේ උද්ඝෝෂණ
2022-05-24 11:28:48
Share with:

ඇමරිකා-ජපාන නායක හමුවට එරෙහිව ජපන් ජනතාව උද්ඝෝෂණ පවත්වති.

ඇමරිකා ජනාධිපති Joe Biden මහතා හා ජපන් අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා ඊයේ(23) Tokyo හිදී හමු වූහ. එදින ඇතැම් ජපන් ජනතාව උද්ඝෝෂණ පවත්වමින් ඇමරිකා ජපාන නායක හමුවට හා යුද්ධය පිළිබඳ හමුවට විරෝධය පළ කළහ. ඇමරිකාව ඉදිරිපත් කරන ඉන්දීය ශාන්තිකර ආර්ථික රාමුව එම නායක හමුවේ ප්‍රධාන තේමාවක් බවට පත්ව ඇත. එය ඇමරිකාවේ ප්‍රතිලාභ පදනම් කර ගන්නා අනතුරුදායක යෝජනාවක් වන අතර ඊට එරෙහිව අප්‍රමාදව කටයුතු කළ යුතු බව ඔවුහූ පවසති.

ජපාන නිල සංචාරය තුළ දී Joe Biden මහතා, Fumio Kishida මහතා, ඔස්ට්‍රේලියා අගමැතිවරයා හා ඉන්දීය අගමැතිවරයා සමග සිව් පාර්ශ්වික ක්‍රම පිළිබඳ සමුළුවට එක් වනු ඇත. ඊනියා සිව් පාර්ශ්වික ක්‍රමය යනු ප්‍රදේශ අතර අන්‍යෝන්‍ය ගැටීම් හා එරෙහි වීම් උසිගැන්වීමේ ක්‍රමයක් වන අතර ඊට දැඩිව විරුද්ධ බව ඇතැම් ජපන් ජාතිකයෝ කියා සිටියහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම