කාර්මික අන්තර්ජාල හා ඩිජිටල් නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ බ්‍රික්ස් රටවල සාකච්ඡා සභාව චීනයේ දී
2022-05-24 17:51:59
Share with:

කාර්මික අන්තර්ජාල හා ඩිජිටල් නිෂ්පාදන සංවර්ධනය පිළිබඳ බ්‍රික්ස් රටවල සාකච්ඡා සභාව චීනයේ දී පැවැත්වේ. චීනයේ ෂ්‍යාමෙන් නගරයේදී එය පැවැත්වුණේ 23 හා 24 දෙදින යි.

බ්‍රික්ස් රටවල රාජ්‍ය අංශවල, ජගත් සංවිධානවල නියෝජිතවරු, චීනයේ සිටින විදේශ රටවල් කිහිපයක තානාපතිවරු සහ විද්‍යාත්මක පර්යේෂණ ආයතන හා කර්මාන්ත සංගම් නියෝජිතවරු 300 ක පමණ පිරිසක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් එම සාකච්ඡා සභාවට එක්ව සිටියහ.

   නවීන විද්‍යා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත විප්ලව ප්‍රවණතාවන්ට සරිලන සේ, ඩිජිටල්කරණයෙන් ප්‍රතිසංස්කරණය කෙරෙන ක්ෂේත්‍රවල අන්තර්ජාතික සහ‍යෝගතා ප්‍රවර්ධනය කරමින්, බ්‍රික්ස් රටවල ඩිජිටල්කරණ සංවර්ධන සබඳතා වේදිකාවක් ගොඩනැගීම එම සාකච්ඡා සභාවේ අරමුණ ය.

බ්‍රික්ස් රටවල නව කාර්මික විප්ලවීය හවුල්කාරීත්වය තහවුරු කිරීම සඳහා මෙම සාකච්ඡා සභාව අතිශයෙන් වැදගත් වන බවට එම අවස්ථාවට එක් වූ නි‍යෝජිතවරු අදහස් පළ කළහ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම