ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම නතර කළ යුතු බව චීනය යළි අවධාරණය කරයි
2022-05-24 19:13:43
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජෙනරාල් Rafael Mariano Grossi මහතා පසුගිය සතියේ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ චාරිකාවක නිරත වී එහි අපජලය හැසිරවීමේ ගැටළුව සම්බන්ධයෙන් ජපාන නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීය. අද (24) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා චීනයේ ස්ථාවරය යළි අවධාරණය කර ඇත.

එම චාරිකාවේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම හැර, වෙනත් විකල්ප විසඳුම් පිළිබඳ ඇගයීම් සිදු කර නොමැති බව වං වෙන්බින් මහතා පෙන්වා දෙයි. එම ඒජන්සියේ කාරක මණ්ඩලය අදාළ වැඩකටයුතුවල නියුතු වන අතරතුරම, ජපාන රජය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්මට බලහත්කාරයෙන් අනුමැතිය දී අදාළ යටිතල පහසුකම් ව්‍යාපෘතීන් ද ආරම්භ කර ඇත. ජපානය සෙසු රටවල අවධානය ද නොතකා, ආත්මාර්ථකාමීව අදාළ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම, වගකීම් විරහිත ක්‍රියාවක් බව ද ඔහු කියා සිටියේය.

ජපාන රජය ජගත් ප්‍රජාවේ හා එරට ජනතාවගේ තාර්කික සැලකිල්ල කෙරෙහි අවධානය යොමු කරමින්, න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම නතර කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම