චීනය සහ රුසියාව අඛණ්ඩව සැබෑ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කරන බව චීනය පවසයි
2022-05-24 19:53:37
Share with:

චීනය සහ රුසියාව අඛණ්ඩව සැබෑ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කරනු ඇතැයි  චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ලෙසත්, BRICS රටවල් ලෙසත්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් ලෙසත්, G20 වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්හි වැදගත් සාමාජිකයන් ලෙසත්, චීනය සහ රුසියාව අඛණ්ඩව ලෝක බහු ධ්‍රැවීකරණය සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රකරණය ප්‍රවර්ධනය කරනු ඇති බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. දෙරට අඛණ්ඩව සැබෑ බහුපාර්ශ්විකවාදය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සබඳතා තුළ අධිපතිවාදී භාවිතයන් සහ කඳවුරු ගැටුමට එරෙහි වන බව ද හෙතෙම පැවසීය‍.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම