ඇමරිකාවේ ආදිවාසී බෝඩිම් පාසල්වල පැවතුණු ‘ පිළිකුල් සහගත ඉතිහාසය ’ අනාවරණය කෙරේ
2022-05-24 16:02:12
Share with:

ඇමරිකානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එරට ආදිවාසී බෝඩිම් පාසල් වල පැවතුණු ‘ පිළිකුල් සහගත ඉතිහාසය ’ අනාවරණය කරයි.

1819 වසරේ සිට 1969 වස‍ර දක්වා ඇමරිකානු ෆෙඩරල් රජය යටතේ පැවති ආදිවාසී බෝඩිම් පාසල් 408ක ආදිවාසී ළමුන් කස පහර වලට හා බලහත්කාරයෙන් ශ්‍රමයට යොදා ගැනීම් වලට ලක් විය. අවම වශයෙන් ආදිවාසී ළමුන් 500කට වැඩි පිරිසක් කුරිරු වදහිංසාවන්ට ලක් කිරීමෙන් මිය ගිය බව ඇමරිකානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මෙම මස 11වැනි දා නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි. මේ පිළිබඳ පරීක්ෂාව තවදුරටත් සිදු කිරීමත් සමග, මෙම සංඛ්‍යාව දහසකට හෝ දස දහසකට පවා ළඟා වනු ඇති බවට අනාවැකි පළවී ඇත.

එම වාර්තාවට අනුව, ඇමරිකානු ආදිවාසී බෝඩිම් පාසල් තුළ දැඩි හමුදා කළමනාකරණයක් පවත්වා ගෙන ගොස් ති‌බේ. ආදිවාසී ළමුන් ඉංග්‍රිසි නම් වලින් හැදින්වීම  සහ හිසකෙස් කොටට කැපීමට ද ඔවුන් බලහත්කාරයෙන් යොදා ගෙන තිබිණ. ළමුන්ට ගෝත්‍ර භාෂා භාවිතය හෝ  සිය ආවේණික ගෝත්‍ර ක්‍රියාකාරකම් වලට සහභාගී වීම ද තහනම් කර ඇත. විවිධාකාර ශාරීරික දඬුවම් පැනවීම හා ළමුන් කුරිරු වදහිංසාවන්ට ලක්කිරීම එවැනි බෝඩිම් පාසල් විසින් නිරන්තරයෙන් ම සිදු කරනු ලැබ ඇති බව ද ඇමරිකානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය කෙරේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම