21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (23) අමාත්‍ය මණ්ඩලයට
2022-05-23 16:44:40
Share with:

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් සමග නීතිපති නීතිකෙටුම්පත් සම්පාදක සහ තවත් නීතිඥවරු කිහිපදෙනෙක් එක්ව සිටිති.

ද්විත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තුව තහනම් කිරීම, විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ද නව කෙටුම්පතට ඇතුළත් වෙයි. 

මහ බැංකු අධිපති පත්කිරීමේ බලය ද මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත පැවරෙනු ඇත. දැනට මහ බැංකු අධිපති පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇතුළත් කොට ඇතැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම