චීනයේ විවෘතභාවය අඛණ්ඩ ව පුළුල් වෙයි.
පසුගිය 21 හා 22 දිනවල පැවති APEC සංවිධානයේ 28වැනි වෙළඳ ඇමති සමුළුවට එක්වෙමින්, චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා මේ බව සඳහන් කළේ ය. ගෝලීය හා කලාපීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය වෙනුවෙන් චීනය අඛණ්ඩ ව දායක වෙයි. APEC සංවිධානයට අයත් විවිධ ආර්ථිකයන් අතර සහයෝගිතා තහවුරු කිරීම චීනයේ අභිමතයයි. එමගින්, ලෝක වෙළඳ සංවිධානයේ 12වැනි ඇමති මට්ටමේ රැස්වීම, නව කොරොනා වසංගතයට සටන් කිරීම, ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ඇතුළු තේමාවලින් ප්‍රායෝගික ප්‍රගතියක් අත් කරගැනීම පොදුවේ ඉදිරියට මෙහෙයවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වාණිජ අමාත්‍ය Wang Wentao මහතා එහිදී පැවසීය.
APEC සංවිධානයේ 28වැනි වෙළඳ ඇමති සමුළුව සඳහා, එම සංවිධානයට අයත් ආර්ථිකයන් 21ක වෙළඳ අමාත්‍යවරුන් හෝ නියෝජිතයෝ, කාර්මික හා වාණිජ ක්ෂේත්‍ර නියෝජිතයන් මෙන්ම ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීහු ද එක්ව සිටියහ.