සාමාන්‍ය පෙළ විභාගය අද (23) ඇරඹේ
2022-05-23 17:44:06
Share with:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වෙයි.

ඒ අනුව, අද (23) සිට ජුනි 01 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ බාහිර අයදුම්කරුවන් 517,469 දෙනෙකු පෙනී සිටිති. ඒ සඳහා රටපුරා විභාග මධ්‍යස්ථාන 3,844 ක් සූදානම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉකුත් දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කල්දැමුණේ වසංගත තත්ත්වය හේතුවෙනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම