75 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීම සඳහා චීන තායිවාන ප්‍රදේශයට ඇරයුම් කිරීම පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප වේ
2022-05-23 17:48:18
Share with:

75 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීම සඳහා චීන තායිවාන ප්‍රදේශයට ඇරයුම් කිරීම පිළිබඳ යෝජනාව, එම සම්මේලන බලධාරීහු ප්‍රතික්ෂේප කරති. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (23) පැවසුවේ එකම චීනය මූල ධර්මය ජගත් ප්‍රජාවේ පොදු අභිප්‍රාය බවයි. 

ලෝක සෞඛ්‍ය සම්මේලනයේ තීරණයෙන්, එකම චීනය මූලධර්මය, ප්‍රධාන ජාත්‍යන්තර  ප්‍රවණතාවට අනුගත වන අතර, එය කිසිදු අභියෝගයකට ලක් කළ නොහැකි බව ලොවට ප්‍රකාශ වී ඇතැයි ද Wang Wenbin මහතා කියා සිටියේය.

නව කොරොනා වසංගතයෙන් අවස්ථා සොයාගෙන, ඊනියා “ස්වාධීනත්වයක්” හිමිකර ගැනීමේ කිසිදු ඉඩක් තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයට නොමැති බව හෙතෙම අවධාරණය කළේය.


 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම