තායිවාන ප්‍රශ්නය පිළිබඳ ඇමරිකානු ජනපතිගේ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2022-05-23 20:59:35
Share with:

ඇමරිකානු- ජපාන රාජ්‍ය නායක සාකච්ඡාවෙන් අනතුරුව, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පළ කළ අනිසි ප්‍රකාශය කෙරෙහි, චීනය තම දැඩි විරෝධය පළ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (23) පැවසුවේ, තම රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමට චීනය ස්ථිරව, නොසැලී ක්‍රියා කරන බවයි.

රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම පිළිබඳ චීන ජනතාවගේ අධිෂ්ඨානය කිසිදු කෙනෙකුට අවතක්සේරු කළ නොහැකි  බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම