නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් දිවුරුම් දෙති
2022-05-23 15:59:41
Share with:

නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙති. ඒ අද (23) පෙරවරුවේ යි.

ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත්, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජල සම්පාදන අමාත්‍යවරයායි.  මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, විදුර වික්‍රමනායක මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර අමාත්‍යවරයායි. රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් සතියේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයේත්, රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේත් මීට අමතරව දිවුරුම් දී තිබිණ.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම