යුක්රේනය, යුරෝපා සංගමයට ඇතුළු වීමට වසර 15ක් හෝ 20ක් ගත විය හැකි බව යුරෝපා කටයුතු පිළිබඳ ප්රං ශ අමාත්යනවරයා කියයි
2022-05-23 12:33:30
Share with:

යුක්රේනය, යුරෝපා සංගමයට ඇතුළු වීමට වසර 15ක් හෝ 20ක් ගත විය හැකි බව, යුරෝපා කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යවරයා පවසයි.

ප්‍රංශ ගුවන් විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට ඊයේ (22) එක්වෙමින්, එරට  යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේ යුක්රේනය යුරෝපා සංගමයට එක්වීමට “වසර 15ක් හෝ 20ක්” ගතවනු ඇතැයි තමා සිතන බවයි.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි එදිනම ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, යුක්රේනය දිගු කලක් තිස්සේ යුරෝපයේ කොටසක් වී ඇති බවයි.  ලබන ජුනි මාසයේදී යුක්රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය ලබා ගත හැකියැයි තමා විශ්වාස කරන බව, යුක්රේන ජනාධිපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම