චීන -පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2022-05-23 16:15:43
Share with:

චීන විදේශ අමාත්‍යවරයා, පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා හමුවෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා  සහ චීනයේ ගුවන්චෞ නගරයට පැමිණ සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය Bilawal Bhutto Zardari මහතා අතර හමුවක් ඊයේ(22) පැවැත්විණ.

වර්තමානයේ දිනෙන් දින උග්‍රවෙමින් පවතින දරුණු ත්‍රස්තවාදී ක්‍රියා මත, පාකිස්ථානයේ සිටින චීන ජාතිකයන්, ආයතන හා ව්‍යාපෘති කෙරෙහි ප්‍රහාර එල්ලවීම වැනි අනාරක්ෂිත සිද්ධීන් යළි සිදුවීම වැළැක්විය යුතු බව වං යී මහතා ප්‍රකාශ කළේ ය. ඒ සඳහා චීනය හා පාකිස්ථානය සහයෝගිතා තහවුරු කරමින්, සියලු අත්‍යවශ්‍ය පියවර ගත යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

පාකිස්ථානයේ සිටින චීන ජාතිකයන්, ආයතන හා ව්‍යාපෘතිවල සුරක්ෂිතභාවය පකිස්ථානය ඉතා වැදගත් කොට සලකන බව Bilawal Bhutto Zardari මහතා අවධාරණය කළේය. චීනයට එරෙහි ප්‍රහාරයක් යනු පාකිස්ථානයට එරෙහි ප්‍රහාරයක් හා සමාන බව හෙතෙම පැවසීය. පාකිස්ථානයේ සිටින සියලු චීන ජාතිකයන්ගේ සුරක්ෂිතභාවය ප්‍රායෝගිකව සහතික කිරීම, නව රජයේ ප්‍රමුඛ කටයුත්තක් බව ද හෙතෙම සඳහන් කළේ ය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම