එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර කලාපීය ආර්ථීක සමාජයීය කොමිසමේ වාර්ෂික සමුළුවට චීන විදේශ අමාත්‍යවරයාගෙන් වැදගත් දෙසුමක්
2022-05-23 19:30:17
Share with:

එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර කලාපීය ආර්ථීක සමාජයීය කොමිසමේ 78 වැනි වාර්ෂික සමුළුවට චීන විදේශ අමාත්‍යවරයා එක්වෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා අද (23) චීනයේ ගුවන්චෞ නගරයේ සිට, එම සමුළුවට වීඩියෝ ආකාරයෙන් එක්වී දේශනයක් පැවැත්වීය. ආසියා හා ශාන්තිකර කලාපීය සාමය සහ සමෘද්ධිය, ප්‍රාදේශීය ඉරණම සමග පමණක් නොව, සමස්ත ලෝක අනාගතය හා සම්බන්ධ වන්නක් බව හෙතෙම එහිදී පැවසීය.

ආසියා ශාන්තිකර කලාපයේ සාමය ස්ථීර ලෙස සුරක්ෂිත කරන චීනය එම ප්‍රදේශයේ සංවර්ධනය ප්‍රවර්ධනය කර, ප්‍රාදේශීය සහයෝගිතාවට ස්ථීරව සහභාගි වනු ඇත. එක්සත් ජාතීන්ගේ ආසියා හා ශාන්තිකර කලාපීය ආර්ථීක සමාජීය කොමිසමේ වැඩකටයුතුවලට අනුග්‍රහ සපයමින්, ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ඉහළ කාර්යභාරයක්  ඉටුකිරීමට චීනය සහය වන බව ද,  වං යී මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම