යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති බව රුසියාව පවසයි
2022-05-23 16:23:10
Share with:

ඉහළම මට්ටමේ සාකච්ඡා ද ඇතුළුව යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම කිසි විටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති බව රුසියාව පවසයි. රුසියානු සාකච්ඡා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානි මෙන්ම ජනාධිපති සහකාර Vladimir Medinsky මහතා ඊයේ (22) බෙලරුසියානු මාධ්‍ය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය. 

රාජ්‍ය නායකයන්ගේ හමුවීමට අදාළ පූර්ව කටයුතු ප්‍රවේශමෙන් සූදානම් කළ යුතු බව ද Vladimir Medinsky මහතා එහිදී පෙන්වා දුන්නේය. එවැනි හමුවක් පැවැත්විය යුත්තේ අවසන් එකඟතාවකට පැමිණ, පොදු ගිවිසුමක් අත්සන් තැබීමේ අරමුණින් මිස ඡායාරූප ගැනීම සඳහා නොවන බව ද හෙතෙම පැවසීය.

මේ අතර, යුක්රේන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ (22) නිකුත් කළ වාර්තාවකට අනුව, රුසියානු හමුදාව යුක්රේන භූමියෙන් ඉවත් වුවහොත් පමණක් සාම ක්‍රියාවලිය නැවත ආරම්භ කළ හැකි බව යුක්රේන ජනාධිපති කාර්යාල උපදේශකයා පවසා තිබේ.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම