ප්‍රංශයේ නව විදේශ ඇමතිවරියට චීන විදේශ ඇමතිවරයා ගෙන් සුභපැතුම්
2022-05-22 17:17:51
Share with:

ප්‍රංශයේ නව විදේශ ඇමතිවරියට චීන විදේශ ඇමතිවරයා සුභපැතුම් පණිවුඩය පිරිනමයි.

Catherine Colonna මහත්මිය ප්‍රංශ‍ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ  ඇමති ධුරයට පත් වීම පිළිබදව චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ඊයේ(21) සුභපැතුම් පණිවුඩයක් යොමු කළේය. චීනය හා ප්‍රංශය, ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් මෙන්ම ස්වාධීන ප්‍රබල රටවල් බව වං යී මහතා එම පණිවුඩයෙන් සඳහන් කළේය. ගෙවී ගිය වසර 5 තුළ දෙරටේ නායකයන්ගේ නායකත්වය යටතේ දෙරටේ සබඳතාව ස්ථීර මෙන්ම යහපත් ලෙස වර්ධනය වෙමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා හා හුවමාරු වලින් සරු ප්‍රතිඵල ලබා ගෙන ඇත. චීනය දෙරටේ සබඳතා වර්ධනය ඉහළින් අගය කරයි. මෑතකදී දෙරටේ නායකයන් සාර්ථකව සංවාර කිරීමෙන් දෙරටේ සබඳතා වර්ධ‍නයේ ඉදිරි දිශාව පැහැදිලි කර ඇත. Catherine Colonna මහත්මිය සමග ‍නායකයන්ගේ එකඟතාවනව් ක්‍රියාවට නැංවීම, ප්‍රධාන ජාත්‍යන්තර හා ප්‍රාදේශීය ප්‍රශ්න පිළිබඳ සමීප ලෙස සංවාද පැවැත්වීම මගින් චීන ප්‍රංශ සබඳතා වර්ධනයට අඛණ්ඩව නව දායකත්වය දැරීමට වං යී මහතා කැමැත්තෙන් සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම