ජාත්‍යන්තර ව්‍යවසාය පිළිබඳ සේවා මධ්‍යස්ථානය චීනයේ Hainan පළාතේ Sanya නගරයේ ස්ථාපිත කෙරේ
2022-05-22 17:16:26
Share with:

2022 වසරේ Hainan නිදහස් වෙළඳ වරායේ ‍පෞද්ගලික ව්‍යවසාය වැඩමුළුව හෙවත් ව්‍යාපාර පරිසර සමුළුව පසුගිය 20 වනදා Sanya නගරයේ දී පැවැත්විණ. එහිදී RCEP ව්‍යවසාය පිළිබද සේවා මධ්‍යස්ථානය හා RCEP සාමාජික රටවල ජාත්‍යන්තර වාණිජ සේවා ස්ථානය නිල වශයෙන් ස්ථාපිත කෙරිණ. සිංග්පූරුව, දකුණු කොරියාව, මලයාසියාව, කාම්බෝජය හා බෲනායි ඇතුළු රටවල් 5ක සේවා මෙවර ස්ථාපිත කෙරුණු වාණිජ සේවා ස්ථානයට ඇතුළත් ය. ව්‍යවසායන සේවා මධ්‍යස්ථානය හා ජාත්‍යන්තර වාණිජ සේවා ස්ථානය RCEP සාමාජික රටවලට ඉලක්කගතව සේවා සපය‍මින් ආර්ථික හා වෙළඳ, සංචාරක, විද්‍යා හා තාක්ෂණික, කෘෂිකාර්මික, අධ්‍යාපන හා සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍රවල සහයෝගතා පවත්වමින් Sanya නගරය හා ගෝලීය සම්පත් පරිපූර්ණ මෙන්ම ගැඹුරු ලෙස ගැළපීම ප්‍රවර්ධනය කළ හැකි ය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම