ලොව පුරා තවත් වැඩි Monkeypox ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්
2022-05-22 18:48:28
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, 21වැනිදා වනවිට, Monkeypox පැතිරීම සම්බන්ධයෙන් ආවේණික නොවන රටවල් 12කින්, Monkeypox ආසාදිත බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 92ක් වන  අතර සැක සහිත රෝගීන් 28ක් වාර්තා ‍වී තිබේ.

Monkeypox ප්‍රධාන වශයෙන් බටහිර සහ මධ්‍යම අප්‍රිකාවට ආවේණික වන අතර, ලොව පුරා තවත් වැඩි Monkeypox ආසාදිතයන් වාර්තා විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කළේ ය.

Monkeypox රෝගියෙකු  හා සමීපව සම්බන්ධ වීමෙන් පසු ආසාදිත තත්ත්වයන් දැනට සිදුවන බවත්, පැපොල එන්නත Monkeypox වෛරසයට එරෙහිව 85% ඵලදායී වන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම