චීනය ලතින් ඇමරිකා හා කැරිබියානු රටවල් සමග සබඳතා තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂය පිළිබිඹු කරයි
2022-05-21 18:50:45
Share with:

ලතින් ඇමරිකා හා කැරිබියානු රටවල් සමග සබඳතා තවදුරටත් සංවර්ධනය කිරීමේ චීනයේ අභිලාෂය චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා විස්තර කරයි.උරුගුවේ, ඉක්වදෝර්, හා නිකරගුවා විදේශ ඇමතිවරුන් සමග දුරකථනය ඔස්සේ පැවැත් වූ සාකච්ඡාවල දී හෙතෙම මෙම කරුණු සඳහන් කළේ ය.

චීනය සහ ලතින් ඇමරිකා  රටවල් භූගේලීය වශයෙන්  බොහෝ ඈතින් පැවතිය ද , පොදු අවශ්‍යතා සාමූහිකව බෙදා හදා ගන්නා අතර සෑම විටම එකිනෙකාට සහයෝගය සහ උපකාරය දක්වා තිබේ.

එය අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහ ජයග්‍රාහී ප්‍රතිඵල සහිත දකුණු-දකුණු සහයෝගීතාව බව චීන විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

කලාපීය කටයුතුවලදී උරුගුවේ, ඉක්වදෝරය සහ නිකරගුවාවේ  බලපෑම් සමබන්ධයෙන් චීනය විශාල වැදගත්කමක් ලබා දෙන අතර චීනය සහ ලතින් ඇමරිකා රටවල් අතර සබඳතා වර්ධනය කිරීම සඳහා එම රටවලින් ලැබෙන  දායකත්වය අගය කරන බව ද චීන විදේශ ඇමතිවරයා  පැවසීය.

චීනය විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමටත් ලතින් ඇමරිකා රටවල් සමඟ සබඳතා ඉහළ මට්ටමකට  ගෙන ඒමටත් බලාපොරොත්තු වෙයි.

ඇතැම් රටවල  සීතල යුද්ධ මානසිකත්වයට සහ දෘෂ්ටිවාදී ගැටුම හරහා ජාත්‍යන්තර ප්‍රජාව බෙදීමට දරන උත්සාහයට චීනය විරුද්ධ ය. චීනය හා  ලතින් ඇමරිකාව අතර සහයෝගීතාව පදනම් වී ඇත්තේ කිසිදු භූ දේශපාලනික සැලකිල්ලකින් තොර සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත බවත් හෙතෙම අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම